රටේ ජනතාව බලාපොරොත්තු වූයේ “රනිල්ට හෝ රාජපක්ෂලාට වඩා අපි චූට්ටක් හෝ හොඳයිද?” යනුවෙන් අසන තත්ත්වයක් නොව, සැබෑ ක්රමවේද වෙනසක් (System Change) බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය:අද වන විට ආණ්ඩුව වැටී තිබෙන්නේ “අපි රාජපක්ෂලාට හෝ රනිල්ට වඩා චුට්ටක් හරි හොඳ නැද්ද?” යැයි ජනතාවගෙන් අහන තැනටය. ජනතාව බලාපොරොත්තු වූයේ එවැනි සාපේක්ෂ හොඳක් නොව, පද්ධතිමය වෙනසකි.අතීතයේ අසාර්ථක වූ පාලකයන්ගේ මළකඳන් මෙන් ඔවුන් නැවත නැවතත් වේදිකාවට ගෙනැවිත් විපක්ෂය ලෙස පෙන්වමින්, තමන් සාධාරණීකරණය කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරයි.විපක්ෂයට මෙන්ම ආණ්ඩුවටද අතීතයෙන් ගැලවීමක් නොමැති අතර, ආණ්ඩුව මෙම තත්ත්වය මතුපිටින් පෙන්වමින් තමන් සුදුහුණු ගා ගැනීමට කටයුතු කරමින් සිටීම අතිශයින් කණගාටුදායකය.
රාජපක්ෂලාට වඩා හොඳයි කියලා ආණ්ඩුවට බේරෙන්න බෑ!
RELATED ARTICLES

