HomeNEWS" PTA අහෝසි කරනු ! PSTA හකුළාගනු ! " මැයෙන් වෘත්තීය සමිති,...

” PTA අහෝසි කරනු ! PSTA හකුළාගනු ! ” මැයෙන් වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපානලන ක්‍රියාකාරීන් අද ( 2026. 09. 25 ) දින පෙරවරු 11.00ට කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී එකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

එහිදී අදහස් දැක්වූ YOUTH FOR ChENGE සංවිධානයේ සංවිධායක ලේකම් ළහිරු වීරසේකර

” එක් යුගයක හිටපු දාර්ශනිකයෙක් වෙච්ච හේගල් කියනවා ඉතිහාසය නැවත පුනරාවර්තනය වෙනවා කියලා. කාල් මාක්ස් ඒකම වෙනස් කරලා කිව්වා ඔව් ඉතිහාසය පුනරාවර්තනය වෙනවා හැබැයි ඒ පළවෙනිපාර ඛේදවාචකයක් විදිහට සහ දෙවන වතාවට හාස්‍යක් එහෙම නැත්නම් සරදමක් විදිහට කියලා. අපි දන්නවා 1978 දී ජේ ආර්ගේ ආණ්ඩුව සම්මත කරපු ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත පාවිච්චි වුණේ අසූව දශකය තුළ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ව සමූළඝාතනය කිරීම සඳහා. ඊට දශක ගණනාවකට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ NPP නමින් බලය අරගෙන අර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ වගන්ති ඊටත් වඩා භයාන විදිහට වෙනස් කරලා පෙරටත් වඩා භයානක මර්දන පනතක් ගේන්න සූදානම් වෙනවා. මේක ඉතිහාසයේ විගඩමක් විදිහට තමයි අපි දකින්නේ.

         ආණ්ඩුව මේ ගේන්න නියමිත PSTA පනත නිසා වැඩියෙන්ම සතුටු වෙන කෙනෙක් සහ වැඩියෙන්ම දුකට පත්වෙන කෙනෙක් ඉන්නවා. වැඩියෙන්ම සතුටට පත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ. අර පහුගිය කාලේ හිරවෙලා තිබුණා කිව්ව රනිල්ගේ ධමනි ටික මේ පනත නිසා ලිහිල් වෙලා ඇති. මොකද මේ පනත තමයි රනිල්ලා ඒ කාලේ ATA නමින් සම්මත කරගන්න උත්සහ කලේ. හැබැයි ඒ උත්සහය ජනතාවගේ විරෝධය නිසා හකුළගන්න වුණා. දැන් NPP ආණ්ඩුව එදා ඒ රනිල්ට රාජපක්ෂලාට කරගන්න බැරි වුණු දේ කරලා දෙන්න සැදී පැහැදී බලාගෙන ඉන්නවා. හැබැයි දැන් මේ පනත නිසා වැඩියෙන්ම දුක් වෙන්නේ මේ ආණ්ඩුවේ කර්මාන්ත ඇමති වෙච්ච සුනිල් හඳුන්නෙත්ති. මොකද මේ පනතට අනුව පරිසරයට ස්වාභාවික සම්පත්වලට හානි කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. අපි දන්නවා දැනටත් මන්නාරමේ ඛනිජ සම්පත් කොල්ලකන්න බහුජාතික සමාගම් දතකට මැදගෙන බලං ඉන්නවා. මේ පනතට අනුව ඒ සමාගම් කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ වගේම තමයි ඒ ඛනිජ සම්පත් කොල්ලකන ක්‍රියාවලියට අනුබලය දෙන සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා කරන්නෙත් ත්‍රස්තවාදී ක්‍රියාවක්. හැබැයි අපි දන්නවා මේ සම්මත කරන අනපනත් කොයිම වෙලාවකවත් මේ ධනකුවේර ජාවාරම්කාර වළල්ලට එරෙහිව පාවිච්චි වෙන්නේ නැහැ. ඉතිහාසයේ වුණා වගේම ඉදිරියටත් මේ පණත් පාවිච්චි වෙන්නේ මේ රටේ දුප්පත් ජනතාවට විරුද්ධව. ඒක තමයි මෙතන තියෙන ඛේදවාචකය. 
                  අතීතයේ දවසක මේ රටේ වේදිකාගත වුණා සුභ සහ යස කියලා නාට්‍යයක්. මේ ලිව්වේ සයිමන් නවගත්තේගම කියන සාහිත්‍යකරුවා. මේකෙ තියෙන්නේ යසලාලක තිස්ස රජ්ජුරුවන්ගේ කතාව. රජ්ජුරුවෝ වගේම දොරටු පල්ලෙක් කුමන්ත්‍රණයක් කරලා රජාව මරලා රජකම ගන්නවා. හැබැයි මේ රජ්ජුරුවන්ට තිබුණා හැමවෙලාවෙම මත්පැන් බීමේ කෑදරකමක්. ඒ නිසා හැමවෙලාවෙම ඔහුගේ කටේ තිබුණේ " දාසිය මධු බඳුනක් ගෙනෙව " කියන වාක්‍යය. දැන් දොරටු පල්ලා රජ වුණාට පස්සේ ඔහුටත් මේ ලෙඩේම බෝ වුණා. ඔහුත් හැමවෙලාවෙම දාසිය මධු බඳුනක් ගෙන එව කියන්න පටන් ගත්තා. දැන් ජාජබ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ ඒ දොරටු පල්ලට වුණ දේම තමයි. රජාව මරලා රජ කම ගත්තට අර රජාගේ තිබුණු ජඩ ගති අමතක කරන්න ආණ්ඩුවට බැරිවෙලා තියනවා. ඒ නිසා තමයි පහුගිය කාලේ රනිල්ට රාජපක්ෂලාට සම්මත කරගන්න බැරි වුණ මර්දන අණ පනත් මේ ආණ්ඩුවත් කර තියාගෙන දුවන්නේ. මේක ඇත්තටම ඉතිහාසයේ සරදමක් තමයි.
          නමුත් අපි රටේ ජනතාවට කියනවා මේ සරදමට හිනාවෙලා ඇස් කන් පියාගෙන ඉන්න එපා කියලා. එහෙම වුණොත් මේ ඛේදවාචකයට වගකියන්න වෙන්නේ ඔබට. අනාගතයේ මේ රටේ ජනතාවට දේශපානලන මතයක් දරන්න, අදහසක් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය තමයි මේ මර්දන අණපනත් මගින් අහිමි වෙන්නේ. ඒ නිසා PTA සහ අලුතෙන් ගෙන ඒමට නියමිත PSTA කියන මර්දන පනත් අහෝසි කරන තුරු කොන්දේසි විරහිතව සඨන් කරමු කියලා අපි රටේ සියලු ජනතාවට මේ වෙලාවෙ මතක් කරනවා. "
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments