
” අපි දන්නවා පුද්ගලයින්ගේ අනන්‍යතාවය හඳුනාගන්න තමයි ලෝකෙ පුරා හැදුන්පත් සංකල්පය ව්‍යාප්ත වුණේ. කෙනෙක්ගේ හැදුන්ම්පතට සාමාන්යෙන් ගන්නේ නම ලිපිනය වගේ ජීවදත්ත තොරතුරු. නමුත් දැන් ලංකාවේ ආණ්ඩුව සූදානම් වෙනවා ජෛවමිතික දත්ත ඇතුලත් හැදුනුම්පතක් හඳුන්වා දෙන්න. ඩිජිටල් හැදුනුම්පතක මුවාවෙන් ආණ්ඩුව මේ උත්සහ කරන්නේ අපේ ඇඟිලි සලකුණු, ඇහේ කර්ණිකාව, ලේ වර්ගය වැනි සියලු තොරතුරු බලහත්කාරයෙන් ලබාගන්න. අපි දන්නවා සාමාන්යෙන් අපි පාවිච්චි කරන ජීව දත්ත හැදුනුම්පත පවා ලෝකයේ සමහර රටවල අනිවාර්ය නෑ. ඇමරිකාව, එක්සත් රාජධානිය, අයර්ලන්තය වගේ දියුණු රටවල පවා හැදුනුම්පතක් අනිවාර්යය නෑ. මේවා කාලාන්තරයක් තිස්සේ බරපතළ විදිහට මානව අයිතීන් ගැන ඇතිවුණු සාකාච්ඡා වුණු රටවල්. අන්න ඒ නිසා තමයි ඒ රටවල බලහත්කාරයෙන් මිනිස්සුන්ගේ තොරතු ගන්න පුලුවන් කමක් නැත්තේ.
හැබැයි ලංකාවේ ආණ්ඩු මොකද්ද මේ කරන්න යන්නේ. ලෝකේ ගොඩක් රටවල්වල භාවිතා නොවන, සමහර රටවල කරන්න ගිහිල්ලා අසාර්ථක වුණු ජෛවමිතික දත්ත ඇතුළත් හැදුනුම්පතක් ජනතාවගේ කිසිඳු අනුමැතියක් නැතුව හඳුන්වා දෙන්න තමයි ආණ්ඩුව දැන් දතකමින් ඉන්නේ. මේ ජෛවමිතික හැදුනුම්පත කියන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ හදුන්වාදීමක් නෙවෙයි. මේක මුලින්ම කරන්න උත්සහ කළේ රාජපක්ෂලාගේ ආණ්ඩුව, ඒක අසාර්ථක වුණාම රනිල් වික්‍රමසිංහ උත්සහ කළා මේ වැඩේ කරන්න. රාජපක්ෂලාට රනිල්ට එදා කරගන්න බැරි වුණු ප්‍රතිපත්තියක් තමයි දැන් ජාජබ ආණ්ඩුව තමන්ගේ ව්‍යාපෘතියක් වගේ කර තියාගෙන යන්නේ.
ලංකාවේ ආණ්ඩුවටත් වඩා මේ කියන ජෛවමිතික දත්ත ඇතුලත් ඩිජිටල් හැදුන්ම්පත ලංකාවට හඳුන්වා දෙන්න පුදුම හදිස්සියක් තියෙන්නේ ඉන්දියාවට. අපි දන්නවා අනුරකුමාර බලයට ඇවිත් ජනතාවට හොරෙන් ඉන්දියාව එක්ක අත්සන් කරපු එක ගිවිසුමක් තමයි ඩිජිටල් ගිවිසුම. අන්න ඒ හොර ගිවිසුම අනුව තමයි දැන් මෝදි අගමැතිවරයා අනුර මල්ලිගේ බෙල්ලෙන් අල්ලන් මේ වැඩේ කරගන්න උත්සහ කරන්නේ. මේ හැදුනුම්පත හදන්න රුපියල් බිලියන 10ක ආධාර මුදලක් පවා ඉන්දියාව දෙන්න එකඟ වෙලා තියනවා. නමුත් මේ ගිවිසුම්වලට අනුව මේ හැදුනුම්පතට අදාළ ඩේටා බේස් එක හදන්නේ ඉන්දියානු සමාගමක්. මේ සඳහා ටෙන්ඩර් කැඳවීම පවා කලේ ඉන්දියාව. ඒ නිසා අපිට හොඳටම පැහැදිලියි අපේ ජෛවමිතික දත්ත මේ හැදුනුම්පතට දුන්නොත් ඒවා තියෙන්නේ අපේ ආණ්ඩුවේ පාලන සීමාව තුළ නෙවෙයි. ඉන්දියානු සමාගමක් තමයි ඊටපස්සෙ අපේ දත්ත පාවිච්චි කරන්නේ.
අද ලෝකය කියන්නේ දත්ත මත ව්‍යාපාර සිදුවෙන සූක්ෂ්ම යුගයක්. අපේ ජෛවමිතික දත්ත කියන්නේ නිකන්ම තොරතුරක් නෙවෙයි. මේ සියලු දත්ත සම්බන්ධ වෙන්නේ සුවිශාල ජාලයකට. එතනින් පස්සේ අපි කන්න බොන්න කැමති මොනවද, අපේ ලෙඩ මොනවද, කියන එකේ ඉඳලා අපේ සියලු තොරතුරු සමාගම් සතුවෙනවා. දැනටමත් අපි දන්නවා අපේ ස්මාට් ජංගම දුරකථනයට අපි දෙන දත්තවලින් මොනතරම් විදිහට අපි ඇල්ගෝ රිදම් සිස්ටම් එකට අහුවෙලාද කියලා. අනිත් පැත්තෙන් අතිශයින් සංවේදී දත්ත මේ විදිහට ජාලයක් අතට යෑම අපේ ආරක්ෂාව අනතුරේ හෙලීමක්. ලෝකේ ඕනතරම් උදහරණ තියනවා ජෛවමිතික දත්ත මංකොල්ල කාලා මිනිස්සුන්ව බ්ලැක්මේල් කරපු අවස්තා. ලෝකේ ඕනතරම් තියනවා මේ දත්ත පාවිච්චි කරල මිනිස්සුන්ව හඳුනාගෙන සමූල වසයෙන් පවා ඝාතනය කරපු අවස්ථා. මෙන්න මේ අවධානම පවා නොතකා තමයි ආණ්ඩු කියන්නේ අපි මේ ජෛවමිතික හැදුනුම්පත කොහොමහරි කරනවා කියලා.
දැන් අනුර දිසානායක ජනාධිපතිවරයා සූදානම් වෙලා ඉන්නේ කිසිඳු සොයා බැලිල්ලක් නැතුව ඔහුගේ පදවිප්‍රාප්තිය සැමරෙන දවසේ තමන්ගේ ජෛවමිතික දත්ත ලබාදීලා මේ හැදුනුම්පත ලබාගන්න. අනුර දිසානායක හිතනව ඇති ඔහුට ඒකෙන් ජාතික වීරයෙක් වෙන්න පුලුවන් කියලා. මීට කලින් හිටපු ජනාධිපතිවරුන්ටත් කරන්න බැරි වුණු දේ තමන් කළා කියලා බෝඩ් එක ගහගන්න තමයි ජනාධිපතිවරයා දෙකෝටියකට වැඩි ජනතාවගේ ආරක්ෂාව අනතුරේ දාන්න සූදානම් වෙන්නේ. විහිලුවට කාරණය තමයි විපක්ෂයේ ඉන්න කාලේ ඔය අනුර දිසානායක තමයි ජෛවමිතික දත්ත හැදුනුම්පත ගේනවට විරුද්ධව 2023 අවුරුද්දේ පාර්ලිමේන්තුව දෙවනත් වෙන්න කතා කළේ. හැබැයි අද ඒවා අමතක වෙලා නින්දෙන් ඇහැරිලා වගේ ජනාධිපතිවරයාට ජෛවමිතික හැදුනුම්පත මාරම හොඳ දෙයක් විදිහට පේන්න අරගෙන. මෙතන තියන අනිත් ඛේදවාචකය තමයි 70 දශකයේ සිදුවුණු ජනතා නැගිටීමෙන් පස්සේ නැවත එවැනි අරගලයක් ආවොත් ජනතාව මර්දනය කරන්න තමයි එවකට ආණ්ඩුව දැන්ට පාවිච්චි වෙන හැදුනුම්පත හඳුන්වා දුන්නේ. අන්න ඒ හැඳුනුම්පතේ භයානක කම හරියට හඳුනගෙන අසූව දශකයේ ජනතා විමුක්ති පෙරමුණ හැදුනුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පවා දේශපානලන ක්‍රියාමාර්ග තේරුවා. අද ඒ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය අරගෙන ලෝකයේ තියන භයානකම හැඳුනුම්පත හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. මේක ඉතාම කණගාටුදායක තත්වයක්.
ජාජබ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ මේ වගේ ජනතාද්‍රෝහී ක්‍රියා කරන්න නෙවෙයි. ආණ්ඩුව මේ විදිහට ජනතාවගේ අභිලාෂයන්ට එරෙහිව කටයුතු කරනව නම් ඊට එරෙහිව ජනතා බලයක් ගොඩනැගිය යුතුයි. මේ ආණ්ඩුව කරන සමහර අත්තනෝමතික මෝඩ වැඩ නිසා වාසි ගන්නේ පරාජිත විපක්ෂය. ඒ නිසා අපි මේ රටේ සියලු සඨන් කරන බලවේගවලට ප්රගතිශීලී ප්රජාතන්ත්රවාදය අගය කරන සියලු ජනතාවට ආරාධනා කරනවා ආණ්ඩුවේ ජනතාද්‍රෝහී තීරණ අභියෝගයට ලක් කරන්න පුලුවන් මහජන බලයක් ගොඩනගන්න එකතුවෙන්න කියලා. “

