එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.
” අපි ජන අරගල ව්‍යාපාරය විදිහට හෙට දවල් 12.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් පටන් ගන්න දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරනවා. අපි දන්නවා මේ වෙද්දි රටේ සාමාන්‍යෙ ජනතාව මත විශාල බදු බරක් පැටවිලා තියනවා. හැබැයි මේ බදු ප්‍රශ්නය ගැන ආණ්ඩුවවත් පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත විපක්ෂයවත් කටක් අරින්නේ නැහැ. විපක්ෂෙ මේ වෙලාවේ ඉන්නේ සිල්ලර සටන්පාඨවල. ඒගොල්ලො ජනතාවගේ බදු ප්‍රශ්නය වගේ සඨන් පාඨ උස්සන්න බලාගෙන ඉන්නේ ඡන්දයක් එන කාලෙදි විතරයි. ඡන්දෙන් වාසි ගන්න විතරක් ජනතාවගේ සඨන් පාඨ පාවිච්චි කරන දූෂිත විපක්ෂයක් ගැන මේ රටේ ජනතාවට වෙන සෙතක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි ජන අරගල ව්‍යාපාරය විදිහට තීරණය කළේ ජනතාවගේ කුස්සියේ ප්‍රශ්නය, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්නය ඉදිරියට ගන්න ඕන කියලා.
අපි දැක්කා ඡන්දෙට කලින් අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල වේදානාවෙන් කතාකරනවා ඉගෙන ගන්න දරුවන්ගේ පොතට පෑනට පවා මේ ආණ්ඩු බදු ගහනවා. මේක ලැජ්ජ නැති වැඩක් කියලා. ඔහු පොරොන්දු වුණා බලයට ආව ගමන් අධ්‍යාපන උපකරණවලට ගහපු බදු වහාම ඉවත් කරනවා කියලා. එහෙම කියපු අනුර කුමාර ජනාධිපතිවරයා දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන උපකරණවලින් විශාල බද්දක් හූරගෙන කනවා. අද අම්මලට තාත්තලට තමන්ගේ දරුවා ඉස්කෝලේ යවාගන්න විදිහක් නැහැ. ඇයි ? පෑනේ පැන්සලේ ඉඳලා ඉස්කෝලේ නඩත්තු වියදම් වෙනවකං දරාගන්න බැරි තරම් විශාල බද්දක් ජනතාව මත පැටවිලා.
කන බත් පතට බදු ගහන්නෑ කියලා බලය ගත්ත ආණ්ඩුව අද හාල් ඇටේ පරිප්පු ඇටේ ඉඳලා බදු ගහලා මිනිස්සුන්ව හූරගෙන කනවා. සෞඛය අමාත්‍යංශයේ වාර්තා කියනවා රටේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයකගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැහැ කියලා. හාල්මැස්සෝ කිලෝ එකකට රුපියල් 100ක බද්දක් ගහලා. කුකුල් මස් කිලෝවකට රුපියල් 310ක් බදු ගහලා. බිත්තරේකට රුපියල් 11ක බද්දක් අය වෙනවා. ඉතින් කොහොමද ප්‍රෝටීන් අවශ්‍යතවයක් සැපිරෙන්නෙ ? මාළු කෑල්ලක් බිත්තරයක් එක්ක උදේට බත් ටිකක් කවලා තවන්ගේ ළමයව ඉස්කෝලෙට යවාගන්න අම්මලට පුලුවන් කමක් නැහැ.
අපි පොඩිකාලේ බලපු රොබින් හුඩ් කතාවේ තියනවා නොටින්හෑම් කියලා නගරයක්. ඒකෙ හිටපු ෂෙරිප් ජනතාව මත බදු ගහලා බදු ගහලා මිනිස්සුන්ට පාං කියාගන්න බැරි තත්වයට පත් කළා. ඊටපස්සෙ තමයි රොබින් හුඩ්ලා වගේ අයට සංවිධානය වෙලා ලොකු ලොක්කන්ගෙන් හොරකම් කරලා සාමාන්‍යෙ ජනතාවට දේවල් බෙදන්න වුණේ. දැන් මේ ආණ්ඩුව බලයට එනකොට ආවේ රොබින් හුඩ්ලා වගේ. හැබැයි දැන් මේගොල්ලො රඟපාන්නේ නොටින්හෑම්වල ෂෙරීප් ගේ භූමිකාව.
අපි මේ බදු ප්‍රශ්නය ගැන කතාකරනකොට සමහරු කියනවා අපි කොහොමත් බදු ගෙවන්න ඕනලු. මේරටේ මිනිස්සු දැනටත් බදු ගෙවනවා. හැබැයි අපි කියන්නේ බදු ගෙවනවා කියලා බෙල්ල මුලටම හිරවෙන්න ජනතාවට බැහැ. ත්‍රීවිල් එකක් දුවලා ගන්න හයර් එක හවස ගෙදර එනකොට පොඩි එකාට කිරිපිටි එකක් ගන්නවත් ප්‍රමාණවත් නැත්තම් මොකද්ද ඒ ජීවිතේ ? තමන් වවපු එළවලුවක් පොළට හෙනිහින් විකුණලා ගන්න සල්ලියෙන් හාල් කිලෝවක් පොළ් ගෙඩියක් ගන්න බැරි නම් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ ? ජනතාව මත මෙහෙම විශාල බදු බරක් පැටවෙද්දි චෞර ධනකුවේර වළල්ලක් විශාල බදු සහනයක් ලබනවා. අපි දන්නවා මහබැංකුව මේ හොරු රැළගේ බැඳුම්කරවලට 33%ක විතර විශාල පොලී ප්‍රතිශත ගෙවනවා. මේවා ගෙවන්නේ දුප්පත් මිනිස්සුන්ගෙන් හූරගන්න බදු සල්ලිවලින්. මෙහෙම පොඩි මිනිහගෙන් උදුරගෙන ධනකුවේරයන්ට සහන දෙන ආණ්ඩුවක් කොහොමද ජනතාවාදී ආණ්ඩුවක් වෙන්නේ ?
ඒ නිසා මේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී න්‍යායපත්‍රය දැන් හොඳටම පැහැදිලියි. විපක්ෂයට මේ වැඩපිළිවෙළ ගැන ගාණක් නැහැ. මොකද ඔවුන් බලයට ආවත් කරන්නේ මේ ටිකම තමයි. දැන් ආණ්ඩුව විපක්ෂය, IMF එක ඇතුළු සියලු පාර්ශව එක පිලකට ඇවිල්ලා ඊලග අයවැයෙන් මිසයිල, කාල තුවක්කු මේ රටේ දුප්පත් ජනතාවගේ පැත්තට එවන්න සූදානම් වෙලා ඉන්නවා. අන්න ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න ජනතාව සංවිධානය විය යුතුයි. අපි හිතනවා මහපාරෙ අරගලය හැරෙන්න ජනතාවට වෙන වසඳුමක් නැහැ කියලා. අන්න ඒ නිසා හෙට ඔක්තෝබර් 3වෙනිදා බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය පවත්වන දැවැන්ත විරෝධතා පාගමනට එන්න කියලා මේ රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා. “

