FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

REVOLUTIONARY STUDENT MOVEMENT

සිසුන්ගේ විභාග අයිතිය තහවුරු කරනු! කැලණිය සිසුන් උද්ඝෝෂණයක...

කැලණිය ම.ශි.ස විසින් ඊයේ (19) විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය සිසුන්ගේ විරෝධය නොතකා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ CCTV කැමරා සවිකිරීමට කටයුතු කරන ලදී. මෙම කැමරා හේතුවෙන් සිසුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන් අපහසුතාවයට පත් වන බවත්, විශ්වවිද්‍යාලයේ නිදහස උල්ලංඝණය වන බවත් පෙන්වාදෙමින් මහා ශිෂ්‍ය සංගමය පරිපාලනය සමඟ සාකච්ඡා පැවැත්වූව ද කිසිඳු ප්‍රතිඵලයක් අත්වූයේ නැත. මේ හේතුවෙන් විරෝධය දැක්වීමක් ලෙස සිසුන් සවිකර තිබූ CCTV කැමරා කිහිපයක් ආරක්ෂිතව ගලවා පරිපාලනයට භාර දෙන ලදී. මෙම විරෝධයට අදාළව සිසුන් 27 දෙනෙකුගේ අධ්‍යාපන අයිතිය අහිමිකර මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගතව ඇත. ඊට අදාලව අද වනවිට විධිමත් විනය පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින අතර එය ද අවසන් වීමට තවත් මාස ගණනාවක් ගතවනු ඇත. කෙසේ වුව ද මේ හේතුවෙන් අවුරුද්දකට ආසන්න කාලයක් සිසුන් 27 දෙනා සදහා කිසිදු අධ්‍යයන කටයුත්තකට සම්බන්ධව වීමට අවස්ථාව ලබා නොදුන් අතර අධ්‍යයන කටයුතු සදහා සම්බන්ධ වීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලා සිසුන් විසින් අවස්ථා ගණනාවකදී පරිපාලනයට අභියාචනා  ද යොමුකරන ලදී.  එසේවුව ද ඊට අවධානය යොමුකර ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු නොකරන ලදී. 

දැන් ඉදිරි මාසයේ දී සියලු සිසුන් සදහා විභාග කටයුතු ආරම්භ කරන බව සිසුන් වෙත දන්වා ඇත. නමුත් තාවකාලිකව පන්ති තහනම් ලබා ඇති සිසුන් සදහා එම විභාග සදහා පෙනීසිටීමට ඇති අවස්ථාව අහිමි කිරීමට මේ වනවිට පරිපාලනය කටයුතු කර ඇත. ගැටලුව නම් විධිමත් විනය පරික්ෂණය අවසන් නොවී තිබෙන මොහොතකත් ලබා දී ඇති තාවකාලික පන්ති තහනම තවමත් ක්‍රියාත්මක කිරීමයි. එයට ද දැනට වසරකට ආසන්න කාලයක් ගතව ඇති අතර, එමඟින් ද සිසුන් අපහසුතාවයට  පත් කර ඇත. කෙසේවුව ද  දැනට වසරකට ආසන්න කාලයක් තාවකාලිකව පන්ති තහනම් පනවා ඇති නිසාවෙනුත්, එසේම මේ වනවිට විධිමත් විනය පරික්ෂණ කටයුතු සිදුකරමින් පවතින නිසාවෙනුත් අසාධාරණ ලෙස පනවා ඇති තාවකාලික පන්ති තහනම ඉවත් කර එම සිසුන් සදහා විභාග සදහා පෙනීසිටීමට අවස්ථාව ලබා දීමට කටයුතු කළ යුතු බව කැලණිය ම.ශි.ස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට අවධාරණය කර සිටී. කැලණිය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණය පැවැත්වූයේ සිසුන් පීඩාවට පත් කරමින් සිදුකරන මෙම නින්දිත ක්‍රියාවලියට එරෙහිවය.