FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

Capitalist Environmental Massacre – Keep Eyes Shut or Unite To Defeat

Will Crudia zeylanica be under the Highway?

A rare plant was identified unique to Sri Lanka, called Crudia zeylanica, with a scientific value, that has not been seen since 1911. It was later named as a plant that was extinct from the world in 1988. Recently it was found in an area related to Mirigama and got massive publicity in international media. The question is that the plant was located in a place where the central Highway built recently. At that time, the Yahapalana government decided to remove the plant from the natural habitat and replant it elsewhere. Due to the protest by environmentalists’ groups, the government promised to change the Highway path and allow the plant to remain in the same environment. But the current government is doing official work to remove the plant from its natural habitat to another location. We give below some information as evidence:-

There are two questions here. The first, this rare plant exists, because it is in its natural environment. The second is the most extractive threatened plants in the world are preserving in botanical gardens and labs and considered to be revered. Removing this plant from its natural environment is a critical issue. This plant is not observed in the ecosystem evaluation previously made for the construction of the Central Highway, and the ecosystem may have many such valuable creatures. The highway constructions authority should not build a Highway through the area without a formal and comprehensive environmental evaluation process. Either constructions of Highway should change its path as agreed before, or the project should postpone until the correct assessment is received. The other question is that the company undertaken to relocate it elsewhere is Malwatta Property Developers. This company is involved in the Muthurajawela wet ground building project, which is of international importance.
No surprise that capital needs are prioritized over the environment and human lives in the current socio-economic system. But these human-made destructions are irreversible. The only plant left will be lost to the world because it has been removed out of the natural environment.
The rulers who made promises to protect the environment are not taking it seriously. If they are responsible, removing this plant will not be handed over to the company that builds Muthurajawela, another environmental disaster.

In this dire predicament, we must decide whether to wait for another leader to appear who protects the environment or fight together to protect the environment, which is our right. In a society where only profits matter, these incidents teach us that the only recourse to secure our rights is to unite and fight.

Crudia zeylanica අධිවේගයට යට වෙයිද?

ලංකාවට ආවේනික ශාකයක් වූ Crudia zeylanica නම් විද්යාත්මක නමින් හැඳින්වෙන ශාකය 1911 සිට දක්නට නොලැබුණු ශාකයකි. එය පසුව 1988 දී එය ලෝකයෙන් වඳවී ගිය ශාකයක් ලෙස නම් කෙරිණි. නමුත් මෑතකදී එය මීරිගම ආශ්රිත ප්රදේශයකදී හමුවූ අතර ජාත්යන්තර මාධ්ය වලද ඊට විශාල ප්රචාරයක් ලැබිණි. ප්රශ්නය වුයේ එම ශාකය පිහිටා තිබුණේ මධ්යම අධිවේගී මාර්ගය ඉදි කරන ප්රදේශයේ වීමය. එවකට යහපාලන ආණ්ඩුව එම ශාකය ස්වභාවික පිහිටීමෙන් ගලවා වෙනත් තැනක ඉදි කිරීමට තීරණය කළත් පරිසරවේදීන්ගේ විරෝධය නිසා අධිවේගී මාර්ගයේ ගමන් මග වෙනස් කර ශාකය එම පරිසරයේම පැවතීමට ඉඩ දෙන බවට පොරොන්දු විය. නමුත් වර්තමාන ආණ්ඩුව එම ශාකය ගලවා වෙනත් තැනක සිටුවීමට අවශ්ය නිල කටයුතු සිදු කරමින් සිටින අතර පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ ලිඛිත සාක්ෂියකි.
මෙහි ප්රශ්න දෙකක් ඇත. එනම් යම් දුර්ලභ ශාකයක් පවතිනවා යන්න තීරණය කෙරෙනුයේ එය ස්වභාවික පරිසරයේ පැවතීම සමගිනි. ලෝකයේ බොහෝ වඳවීමේ තර්ජනයට ලක්වූ ශාක වල අවසන් නිදර්ශකය උද්භිද උද්යාන වල සහ විද්යාගාර වල සුරක්ෂිත කර ඇතත් ඒවා වඳවී ගිය සේ සැලකේ. මෙම ශාකය ස්වභාවික පරිසරයෙන් ඉවත් කිරීම බරපතල ප්රශ්නයකි. එමෙන්ම මෙම ශාකය කලින් මධ්යම අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා සිදුකළ පරිසර ඇගයීමේදී නිරීක්ෂණය නොවූ අතර එම පරිසර පද්ධතියේ තවත් එවැනි බොහෝ වටිනා ජීවීන් සිටිය හැක. එනිසා විධිමත් සහ පුළුල් පරිසර ඇගයුම් ක්රියාවලියකින් තොරව එම ප්රදේශය හරහා අධිවේගී මාර්ගය ඉදි නොකල යුතුය. එක්කෝ කලින් එකඟ වූ ලෙස එහි ගමන් මග වෙනස් කළ යුතුය. නැතිනම් නිවැරදි තක්සේරුවක් ලැබෙන තුරු ව්යාපෘතිය ප්රමාද කළ යුතුය. අනෙක් ප්රශ්නය වන්නේ මෙම ශාකය ගලවා වෙනත් තැනක සිටුවීමට භාර දී ඇති සමාගම මැල්වත්ත ප්රොපර්ටි ඩිවලොපර්ස් සමාගම වීමයි. ජාත්යන්තර වශයෙන් වැදගත්කමක් ඇති මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීමේ ව්යාපෘතියට සම්බන්ධව සිටින්නේ මෙම සමාගමයි.
ප්රාග්ධන උවමනාවන් වලට ප්රමුඛතාව දෙන වත්මන් සමාජ-ආර්ථික ක්රමය තුළ පරිසරයට සහ මිනිස් ජීවිත වලට වඩා ලාභයට ප්රමුඛතාව දීම පුදුමයක් නොවේ. නමුත් මෙවැනි විනාශයන් යලි ආපස්සට හැරවිය නොහැකි දැවැන්ත ව්යසනයන් වේ. මේ ඉතිරිව ඇති එකම ශාකය ස්වභාවික පරිසරයෙන් ඉවත් වීම නිසා එය ලෝකයටම අහිමි වනු ඇත.
පරිසරය රකින බවට දස අතේ පොරොන්දු ලබා දී පැමිණි පාලකයන්ට මෙහි වගක් නැත. එසේ තිබුනේනන්ම් මෙම ශාකය ඉවත් කිරීම පවා මුතුරාජවෙල ගොඩ කරන සමාගමට භාර දෙන්නේ නැත. පරිසරෙසේ නම් පරිසරය රකින තවත් නායකයෙක් පැමිණෙන තුරු බල සිටින්නේද එසේත් නැත්නම් අපගේ අයිතියක් වන පරිසරය ආරක්ෂා කර ගැනීමට එක්ව සටන් වදින්නේද යන්න අප තීරණය කළයුතුව ඇත. ලාභ ලැබීම මුල් කරගත් සමාජයක තව දුරටත් අපට තොර ගැනීමට ඇත්තේ සටන් කීරීම බව මෙවැනි සිදුවීම් ගණනාවකින් තහවුරු වී හමාරය.

Vidhura

Read Previous

FLSP Media Briefing – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනතාව දැනුවත් කිරීම 2 ජනවාරි 2021

Read Next

The Current Status of The MCC Agreement – FLSP Press Briefing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *