FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

The country must go for a total lockdown – FLSP

The country must go for a total lockdown with a strategy to support people in the face of the catastrophic spread of COVID - 19 - Comrade Senadheera Gunathillaka.

The government should enforce a total lockdown by heeding to specialist advice of medical experts, essentially with an effective strategy to mediate to alleviate the people’s sufferings. Comrade Senadheera Gunathilaka, organisational secretary of the FLSP, observed at a media briefing at Nugegoda on the 13th.

We all know that local experts in the medical field and the leading experts of the World Health organisation advise us to go for urgent and total lockdown. But the burning issue springs from a complete lockdown in a country like ours is the inevitable suffering of daily wage earners. The government should not turn a blind by throwing Rs. 5000 and claim the job is done, but mediate to alleviate their suffering.
At this very moment, we are hearing news of hundreds of people, including children and elderly and some of the most vulnerable with underlying medical conditions.

As a responsible political movement, we, the Frontline Socialist Party, introduced a strategic Roadmap to control and minimise the unprecedented damage causing by this invisible COVID – 19 pandemic catastrophe.
Comrade Pubudu Jayagoda, Education Secretary and Central Committee member Hemamalee Abeyratne also participated in the media briefing.

වසංගතයේ බිහිසුණු ව්‍යාප්තිය හමුවේ, ජනතාවට සහන සලසමින් පූර්ණ අගුලු ලෑමකට යායුතුයි - සේනාධීර ගුණතිලක

ආණ්ඩුව විසින් විශේෂඥ නිර්දේශ පිළිගෙන රට පූර්ණ අගුලු ලෑමකට යා යුතු බවත් එහිදී පීඩා විඳින ජනතාව වෙනුවෙන් මැදිහත්වීමේ වැඩපිළිවෙළක්ද අත්‍යවශ්‍ය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.පෙ.ස.ප. සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක විසින් මේ බව අවධාරනය කළේ ඊයේ (13) නුගේගොඩදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
පෙ.ස.ප. සංවිධායක ලේකම්වරයා කළ අදහස් දැක්වීමේ සාරාංශයක් පහත සටහන් වේ.
“වහාම හා හදිසියේ රට අගුලු ලෑමක් කළ යුතු බව මෙරට සෞඛ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් පවසන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේද ඉල්ලීම බව අපි දන්නවා. නමුත් අගුලු ලෑමක් සමග මතුවන අනෙක් ගැටලුව නම්, එහිදී දෛනික ආදායම් උපයන ජනතාවගේ ජීවන තත්වය පවත්වා ගෙන යාමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව විශේෂ මැදිහත්වීමක් කළ යුතුයි. පළමු කෝවිඩ් රැල්ල අවස්ථාවේ වගේ රු. 5000ක් වීසි කරලා ආණ්ඩුවට අතපිහ දා ගන්න බෑ. මේ වන විට වසර දෙකක් තිස්සේ වසංගතය නිසා ජීවනෝපාය අර්බුදයට ගොස් සිය දෛනික රැකියා කරන ජනතාවට, මෙම අගුලු ලෑමෙන් විශාල දුෂ්කරතා රාශියකට මුහුණ දෙන්න සිදුවන නිසා ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඔවුන් වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කළ යුතුයි.
මේ වනවිට, අපේ ළඟම ඥාතින්, අසල්වැසියන් කොරෝනා රෝගයට ගොදුරවන බව දැනගන්න ලැබෙනවා. උදේ වැඩට ගිය ආයතනයේ රෝගීන් හඳුනාගැනීම නිසා සවස්වන විට වසා දැමූ බව නිවේදනය කරනවා. අල්ලපු ගමේ නැත්නම් අල්ලපු ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් මිය යන බව අසමින් අපි කම්පාවට පත් වෙනවා. රෝහල් ඇඳන් අඩු නිසා කොරිඩෝරවල රෝගීන් පිරී ඇති බව යනාදී වශයෙන් වසංගතයේ ඇත්ත තත්වය අපිට පියවි ඇසින් දකින් ලැබෙනවා. ආණ්ඩුව කියන විදියටත් දෛනික වශයෙන් රෝගීන් වාර්තා වීම 3000 දක්වා වැඩි වී තිබීමත් මරණ සංඛ්‍යාව ඉලක්කම් 3ක් දක්වා ගොස් තිබීමත් නිසා කොරෝනා වසංගතයේ වර්ධනය වන තත්වය සම්බන්ධයෙන් දළ අදහසක් ගන්න හැකියාව ලැබෙනවා. මේ වනවිට ආණ්ඩුව ඇත්ත සංඛ්‍යාලේඛණ වෙනුවට බොරු ගණන් දක්වන බවට චෝදනා තිබියදී පවා ආණ්ඩුව නිකුත් කරන සංඛ්‍යාලේඛන සළකා බැලුවත් මේක ඉතාම බරපතළ තත්වයක්. ඒ නිසා අපි කියන්නෙ වසංගතයේ ව්‍යාප්තිය තුළ මේ තිබෙන බරපතළ තත්වය හමුවේ මුලින්ම හමුවන ආසාදිතයාගේ දින 14ක් සහ දෙවනුව ආශ්‍රිතයන්ගේ දින 14 වශයෙන් සළකා බලමින් අවම සති 4ක අගුලු ලෑමක් අවශ්‍ය වෙනවා. නමුත් එය පූර්ණ වශයෙන් අගුලු ලෑමක් ලෙස පවත්වා ගෙන ගොස් පසුව සංචරණ සීමා ලෙස ක්‍රියාත්මක කිරීමට පුලුවන්.
අපි පසුගිය මැයි මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කොරොන් වසංගතය හමුවේ ක්‍රියාත්මක කළ යුතු බවට අප විසින් යෝජනා කළ කෙටිකාලීන වැඩපිළිවෙළක් ආණ්ඩුවේ අවධානයට යොමු කළා.විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය ධාරිතාව ඉක්මවා යාම සහ සෞඛ්‍ය සේවකයන් වසරකට වැඩි කාලයක් දැඩි වෙහෙසකර සේවයක යෙදීම නිසා ඇති විය හැකි බිඳවැටීම් වැළැක්වීමට අපි ස්වෙච්ඡා බලකායක් පිහිටුවීමට යෝජනා කළා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවයට ස්වෙච්ඡාවෙන් සහාය විය හැකි පිරිසක් සමාජයෙන් සම්බන්ධ කරගැනීඹට පුළුවන්. පසුගිය වසරක කාලය තුළ පවා යම් යම් ප්‍රමාණයෙන් අපි පක්ෂයක් ලෙස ස්වේච්ඡාවෙක් ඉටු කළ කාර්යයක් තිබෙනවා. අපි දන්නවා විවිධ සමාජ කණ්ඩායම් එවැනි මැද්හත්වීම් සිදු කරනවා. නමුත් අපි යෝජනා කරන්නේ විධිමත් ලෙස සෞඛ්‍ය යාන්ත්‍රනයට සම්බන්ධ කළ ස්වේච්ඡා බලකායක් ස්ථාපනය කරමින් වගකීම් සහගත ලෙස වසංගතය වැළැක්වීම හා ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.ඊළඟට, වසංගතය හමුවේ වෙන් කළ සෞඛ්‍ය වැයශීර්ෂ කොහොමටත් ප්‍රමාණවත් නොවූ නිසාත් ආණ්ඩුවට ණය අරුබ්දයක් තිබීම නිසාත් කෝවිඩ් අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අපි යෝජනා කළා.
මේ වන විට මේ වසංගතය හමුවේත් බිලියන ගණනින් ලාභ උපදවන සමාගම් ගැන වාර්තා වෙනවා. අපි කියන්නෙ ඒ දැවැන්ත ලාභ තුළ ගැබ් වෙන්නෙ මේ රටේ ශ්‍රමිකයන්ගෙ දුක් වේදනාවන්. ඒ නිසා සමාජයක් ලෙස මුහුණ දෙන මේ අභියෝගයට මුහුනදීම සඳහා ඒ සමාගම්වල ලාභයෙන් කොටසක් අත්පත් කරගත යුතු බවයි. අපි යෝජනා කළ ආකාරයට ලාභවලින් 1%ක් වැනි කොටසක් අරගත්තත් විශාල අරමුදලක් පිහිටුවන්න හැකියාව ලැබෙනවා. මේක සමාජවාදී යෝජනාවක් නෙවෙයි, මේ වන විට ලෝකයේ නවලිබරල් ආර්ථිකයන් තුළ ක්‍රියාත්මක කළ දෙයක්.
ආර්ජන්ටිනාව මේ සඳහා පියවර තබා තිබෙනවා. වෙනත් රටවල් විසින් මෙවැනි ක්‍රම සඳහා සැලසුම් සකස් කරනවා. පසුගිය වසර තුළ බිලියන 57ක් තරම් ලාභයක් උඵයාගත් සමාගම වැනි සමාගම්වලින් ඒ ලාභයෙන් කොටසක් ලබා ගැනීමෙන් මේ වසංත සමයේ ජනතාවගේ සුබසාධනයට වගේම කොරෝනා වසංගතය වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා පිරිවැය සපුරාගන්න හැකි බව අපි විශ්වාස කරනවා.”

ඊයේ (13) නුගේගොඩ පෙ.ස.ප. කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවට පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ මධ්‍යම කාරක සභිකා හේමමාලි අබේරත්න සහභාගි වූහ.

Vidhura

Read Previous

FLSP Complaint to Human Rights Commission

Read Next

Dr Gishantha Dasanayake, President of the ACGMOA, on the 17 August

Leave a Reply

Your email address will not be published.

Most Popular