FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

FLSP celebrating 133rd International Workers Day!

ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරන ලෙස ජනතාවට ආරාධනා කරනවා – කුමාර් ගුණරත්නම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දිනය අද(1) දින කොළඹ විහාර මහදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැත්විණි.
‘පරපුුවන්ට පරාජය – වැඩ කරන ජනතාවට බලය’ යන තේමාවෙන් පැවති එම කම්කරු දින රැලියේදී අදහස් දැක්වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ කතාවේ සාරාංශයක් පහත පළ වේ.“දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වෙමින් පැවති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සටන් වැදීමෙන් තොරව ජනතාවට විසඳුම් නෑ කියන කාරණයත් පාර්ලිමේන්තුව තුළ ජනතා අරමුනු නියෝජනය නොවීඹ සම්බන්ධ කාරණය අපි කියමින් සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ රටේ ජනතාවට ආරාධනා කළේ මේ පාලකයන් මාරුවෙන් මාරුවට ඔලුගෙඩි මාරු කරමින් ජනතාව සූරාඛෑමට ලක්කරන මර්දනය කරන පාලනය කරගෙන යනවා. එය වෙනස් කරන්න, ජනතා අරමුණු ජයගන්න සමාජවාදය වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්න අපි කටයුතු කරමින් සිටියා. ඉතා අමාරුවෙන් අපි ජනප්‍රිය නොවන මේ සමාජවාදය පිළිබඳ අදහස අපි ජන සමාජය තුළ සාකච්ඡාවට ලක් කරමින් සිටිවා. අමාරුවෙන් රතු කොඩිය ඔසවාගෙන අපි ආවෙ මේ අද වන විට අප මුහුණ දී තිබෙන සමාජයක් අරගලයට කැඳවා ඇති ආකාරයේ සන්ධිත්ස්ථාන පැමිණෙන බවට වැටහීමක් තිබෙන නිසයි. මේ අරගලය පසුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්වද කියලා සමහරු අහනවා. අපි කියනවා කිසිම සැකයක් තියාගන්න එපා, මේ රට පුරා ජනතා අරගලය තුළ සජීවි ලෙස අපි ඉන්නවා. රටපුරා සටන්කරන තරුණයන්, කම්කරුවන්, ගොවි ජනතාව, ස්ත්‍රීන් නියෝජනය කරමින් අපි ඉන්නවා
නමුත් අපි දන්නවා මේ ජනතා අරගලයක් සඳහා ජනතාව සූදානම් වූ පමණින් සියලු ජයග්‍රහණ අත්පත් කරගන්න ජනතාවට හැකි වෙන්නෙ නෑ. පාලකයන් ගනෙ එන විවිධ නූල් සූත්තර මැද ජයග්‍රහණ අත්පත් කරගන්න නම් ජනතාව විශේෂයෙන් වැඩ කරන ජනතාව තමන් අතට බලය ලබා ගන්න ඕන. පාලකයන් පාලනය කරන, කඩා බිඳ දමන ආර්ථිකය ජනතාව අතට ගන්න සූදානම් විය යුතුයි. ආර්ථිකය මෙහෙයවන, ජවය සපයන වැඩකරන ජනතාව ඒ ආර්ථිකය පාලනය කරන බලය සියතට ගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතා බලය වෙනුවෙන් සංවිධානය වෙන්න, ජනතා සභා පිහිටුවන්න, ජනතා බලය සංවිධානාත්මකව ක්‍රියාත්මක කරන්න සූධානම් වන ලෙස අපි මේ රටේ සමස්ත ජනතාවට ආරාධනා කරනවා. සමාජවාදයෙන් මේ අරගල ජයග්‍රහණය කරන්න සූදානම් වන ලෙසත් වඩ වඩාත් ජයග්‍රහණ වෙනුවෙන් සූදානම්වන ලෙසත් අපි මේ රටේ වැඩ කරන ජනතාවට මේ 133 වැනි ජාත්‍යන්තර කම්කරු දිනයේදී යෝජනා කරනවා.”

Vidhura

Read Previous

Repression instead solutions – Johnston’s “Kaputu” theory

Read Next

“පවතින අර්බුදයට පෙරටුගාමී සමජවාදී පක්ෂයේ යෝජනාව”

Leave a Reply

Your email address will not be published.

Most Popular