FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

‘මන්දිර කැලඹූ අරගලය’ කෘතිය එළිදක්වමින් කුමාර ගුණරත්නම් සහෝදරයා

මේ අරගලයෙ බහුපාන්තික ස්වභාවය විසින් ඇති කළ සංකීර්ණ තත්වය අපි වටහා ගත යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරික ධන කුවේරයන්ටත් ගෝඨාභය රාජපක්ෂ පළවාහැරීමේ අරමුණක් තිබුණා. ඩොලර් සංචිත සම්බන්ධ ප්‍රශ්න, ආනයන සීමා නිසා ඔවුන්ගේ ලාභ ගොඩගැසීමේ අරමුණුවලට බාධා කරමින් තිබුණා. රාජපක්ෂ කල්ලියේ ‘ගජමිතුරන්’ හැරුනු කොට තවත් ධනපතියන්ට අරගලයේ පාරෙන් දිනාගන්න අරමුණක් තිබුණා. ලෝකය පුරාම දේශපාලනයෙදි මේ වගේ අරගල අවස්ථාවලදි විවිධ ‘ක්‍රීඩකයන්’ සම්බන්ධ වෙනවා. ඒ අයට මේ අරගලවලදි දිනාගන්න අරමුණු තියෙනවා. අරගලය කරන පොදු ජනතාවට වඩා වෙනස් අරමුණු ඔවුන්ට තියෙන්නෙ. අපි මේ කෘතියෙදිත් ඒ ගැන සාකච්ඡා කරනවා. අපේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ මේ අසල්වැසි ඉන්දියාවෙ ‘රෝ’ සංවිධානය, සී.අයි.ඒ. සංවිධානය වගේ තවත් ඔත්තු සේවා සංවිධාන, සමහර තානාපති කාර්යාල, කොහොමද වැඩ කරලා තියෙන්නෙ කියලා අපි දන්න තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. කැමති නායකයන්ව බලයට ගේන්න මැතිවරණවලදි කරපු කාර්යභාරය ගැන අවබෝධයක් අපට තියෙනවා. මේ අය අරගලය තුළත් යම් යම් මැදිහත්වීම් කරන්න ඇති, නමුත් අපට ජන අරගලයෙ අරමුණු එහි ඉදිරි අභිලාශයන් හෑල්ලු කරන්න හැකියාවක් නෑ. මහජනතාව තමන් පෙළන පාලනය පෙරළා දමන්න කරන අරගලයේ සුජාතභාවය එවැනි හේතු මත ප්‍රශ්න කරන්න අවතක්සේරු කරන්න බෑ.  (සම්පුර්ණ කතාව කියවන්න මෙම සැබැඳියාව ඔබන්න)

 

Vidhura

Read Previous

රෝගී මරණවලට හේතු වූ බාල ඖෂධ ගෙන්වූවන්ට දඬුවම් දෙනු! – පුබුදු ජයගොඩ

Read Next

ඖෂධ නියාමන අධිකාරී සහ වෛද්‍ය සභා පනත් අහෝසි කිරීම පිළිබඳ මාධ්‍ය හමුව

Leave a Reply

Your email address will not be published.

Most Popular