FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

ටිරාන් අලස් ඇමතිවරයා කළ නීති විරෝධී ආයෝජන ගැන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් තොරතුරු හෙළි කළා.

– පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා

ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් විසින් ලංකාව් කුප්‍රකට ව්‍යපාරිකයකු ගැන හෙළිදරව් කිරීමක් සිදුකර තිබනවා. ඒ ව්‍යාපාරිකයා, ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්,  නැත්නම් වර්තමාන ආණ්ඩුවේ ටිරාන් ඇමතිවරයා. මේ හෙළිදරව් කිරීම වැදගත් වෙන්නෙ, මේ රටේ ඇතිව තිබෙන බරපතළ ආර්ථික අර්බුදයකින් ජනතාව පීඩාවට ඇද දමමින් ඉදිරියට වැට් බදු වැඩිකරනවා, විදුලි බිල වැඩිකර තිබෙනව,  අර්ථසාධක අරමුදල කාල්ල න්න කටයුතු කරනවා. ඒ සියලු ආකාරයෙන් ජනතාව මත බර පටවමින් මේ අර්බුදයේ වන්දි ගෙවන්න මේ අණ්ඩුව කටයුතු කරද්දි ආණ්ඩුවේ බලය තියෙන ඇමතිවරු කරන ජවාරම්, බදු වංචා, කලු සල්ලි ජාවාරම් ජනතාව දැන ගත යුතුයි. ජනතාව මත මේ බර පටවන පැලැන්තිය විසින් විදේශ විනිමය වංචා කරමින් රට එරෙහිව කරන අපරාධ හෙළි කළ යුතුයි. මේ රටේ ධනය ඩොලර් බිලියන 42ක් ආනයන අපනයන සමාගම් හරහා විදෙශයන් වෙත රැගෙන ගිහින් තිබෙනවා. අපි මේවා පහුගිය කාලෙ දිගින් දිගටම ප්‍රශ්න කළා. විදේශ විනිමය නීති උල්ලංඝනය කරමින් ටිරාන් අලස් ඇමතිවරය අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර තිබෙනවා.
මේ අනාවරණය සිදු කරන්නෙ ගවේශනාත්මක මාධ්‍යවේදින්ගෙ සංවිධානයක් වන ICIJ විසින්. මොවුන් විටින් විට මෙවැනි වාර්තා හරහා හෙළිදරව් කිරීම් සිදු කළා. 2013, 2016, 2021 මේ ආකාරයට ඔවුන් කළ අනාවරණයන් පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා පේපර්ස් ලෙස ප්‍රසිද්ධියට පත් වුණා.  අක් වෙරළ සමාගම් අටලක්ෂ දස දහසක් සම්බන්ධයෙන් ඔවුන් පරික්ෂණ කරලා තියෙනවා. රටවල් 200ක ලිපි ගොනු මිලියන 11.9ක් ඔවුන් මේ සඳහා සොයා බලා තිබෙනවා. මේ සඳහා රටවල් 100ක ගවේශනාත්මක මාධ්‍යවේදීන් 280ක් දායක වෙලා තිබෙනවා. එක්සත් ජනපදයේ Washington Post, බ්‍රිතන්‍යය් The Guardian, BBC සහ ජර්මනියෙ  WDR, NDR  කියන ප්‍රධාන මාධ්‍ය අයතන මේ හෙළිදරව් කිරීම්වලට සම්බන් වී තිබෙනවා. ඒ නිසා මේ නිකංම නිකං වාර්තා කිරීමක් ලෙස සළකන්න බෑ.
මීට පෙර ඩොලර් මිලියන 160ක විදේශ විනිමය වංචාවක් සම්බන්ධයෙන්  නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩ්සන්ට සම්බන්ධ තොරතුරු මොවුන් විසින් අනාවරණය කළා. ඒ වෙලාවෙත් මේ කලු සල්ලි ජාවාරම දේශපාලනය සමග ඇති සම්බන්ධය ගැන සංවාදයක් ටේ ඇති වුණා. ගෝඨාභය රාජපක්ෂ මේ ගැන කමිටුවක් නම් පත් කළා. අද වෙනතුරු වාර්තාවක්වත් නෑ. 
දැන් මේ අලුත්ම අනාවරණය ආරක්ෂක ඇති අලස් ගැනයි. ඔහු 2017 ජූලි මාසෙ ඉඳලා බැන්හැම් වෙන්චර්ස් සහ බ්‍රොම්ටන් ප්‍රොපටීස් සමාගම් දෙක හරහා බ්‍රිටිෂ් වර්ජින් දූපත්වල ආයෝජනය සම්බන්ධ තොරතුරු වාර්තා කර තිබෙනවා. මීට පෙර මේ සම්බන්ධයෙන් අප ටිරාන් අලස්ට මේ වංචනික අක්වෙරළ සමාගම් ගනුදෙනු ගැන කරපු චෝදනාවට ඔහු පිළිතුරු දෙන්න ආවෙ නෑ. ඒ වෙනුවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් පොලිස් ඇමති හැටියට එයාගෙ ආයතනයට විමර්ශන කරන්න කිව්වා. ඔහු අපට විරුද්ධව පැමිණිල්ලක් කළා. නමුත් අපට නඩු පවරනවා කිව්ව ඇමතිවරයා නිශ්ශබ්ද වුනා. දැන් මේ අපි කිව්ව කාරණා සම්බවන්ධ වාර්තාවක් මගින් අනාවරණයක් කළ පසුගිය සති අන්තයෙ අයිලන්ඩ් පුවත්පතෙන්. එම පුවත්පතට ලබා දි ඇති ප්‍රතිචාරයෙන් ඔහු කියන්නෙ මේ ආකාරයේ විනිමය වංචා ගැන වෙනත් අයගෙ නම් තියෙනවා, නමුත් මට විතරයි චෝදනා කරන්නෙ කියලා. ඇමති අලස් කියන්නෙ තමන් නිර්දෝෂයි කියලා නෙවෙයි, ඔහු පිලිගන්නවා මේ චෝදනාව හරි කියලා. අක් වෙරල සමාගම්වල නීති විරෝධී ගනුදෙනු ගැනත් කලු සල්ලි ජාවාරම සම්බන්ද ටිරාන් අලස් ඇමතිවරයා වගකිම බාර අරගෙන තියෙනවා. දැන් අපි ටිරාන් අලස්ට කියනවා මේ චෝදනාව ම්බන්ධයෙන් ජනතාවට උත්තර දෙන්න. මේ ගේ ූසිත ගනුදෙනුවලට ම්බන්ධ පුද්ගලයෙක්ඇමති මණ්ඩලයේ තියාගෙන ඉන්න එක ගැන දැන් රනිල් වික්‍රමසිංහ උත්තර දෙන්නඕන. කලින් නම්, නිරුපමා රාජපක්ෂට චෝදනා එලල වුණාම කමිටුවක්පත්කරලා අත පිහදාග්තා. මුත් මේ විදේහශ විනිමය පනත උල්ලංඝනය කිරීම, තමන්සතු වත්කම් සැගවීම, බදු වංචා කිරීම හා කලුසල්ලි ජාවාරම සම්බන්යෙන්  ඔහු වහාම පිළිතුරු දිය යුතුයි. මේ ගැන ඇත්ත තොරතුරු අදාළ වගකිව යුතු ආයතන විසින් අනාවරණ කළ යුතුයි. මේ එක් ඇමතියෙක්ගෙ තොරතුරු පමණයි. අප කියන්නෙ මේ වගේම අනෙකුත් වංචනිකයන්ගෙ තොරතුරුත් අනාවරණය කළ යුතුයි. 
ධනකුව්රයන් විසින් තමන් විසින් රජයට ගෙවිය යුතු බදුවලින් නිදහස් වෙන්න සහ ඇත්ත ආදායම් හංගන්න තමයි මේ වගේ විනිමය වංචා සිදුකරන්න. අපි මීට පෙර මේ ගැන කතා කරන කොට සමහරු අපෙන් ඇහුවා කෝ කෝ මොනවද අලස් ගැන කියන්න තියෙන්නෙ කියලා. අපි ඒ අයට කියනවා දැන් ඔන්න තෙරතුරු හෙළි වෙල. මේ ජාවාරමේ තොරතුරු අපි කිව්වම පිළිගන්න බැරි අයට දැන් මෙකද කියන්නෙ. මේක අපි නෙවෙයි හෙලි දරව් කරලා තියෙන්නෙ.
ටිරාන් අලස් කියන්නෙ නං රටේ නීතිය හදන්න, කලු සල්ලි ගැන, පාතාලය පාලනය කරනව කියලා. කලු සල්ලි කියන්නෙ පාතාල වැඩක්. පාතාලය පාලනය කරන්න හදන ඇමතිවරයා මේ ජවාරම කරන්නෙ. ටිරන් අලස්ට මේ ජාවාරම ගැන ඇත්ත කියන්නෙ නෑ. පහුගිය දවස්වල ඔහු කිව්වා අල්ලසක් දෙන්න හැදුවා කියලා. සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනම කෙනෙක් දන්නවා එහෙම අල්ලස් දෙන්න උත්සාහ කළා නම් නම්  ඒ බව අදාළ නීති අංශවලට දැනුම් දීලා වහම නීතිමය පියවර ගන්න ඕන. ටිරන් තැන තැන කිය කිය යනවා මිස ඒකකන්නෙ නෑ. අල්ලස් දෙන්න හැදුව නම් ඒක ගැන තොරතුරු හංගන එකත් වරදක්. 
මේ රටේ පොලිස් ඇමති විදියට ඉන්නෙ විනිමය වංචා, කලු සල්ලි ජාවාරම් කරන කෙනෙක් නම් රටේ අනෙක් දේවල් ගැන අපි කියන්න ඕන නෑ. දැන් මේ අය අනෙක් අයට ඇගිල්ල දික්කරන්න හදනවා, විරුද්ධ අදහස් දක්වන අයගෙ කටවල් වහන්න හදනවා, සමාජ මාධ්‍ය වහන්න නීති ගේනවා. අපි කියනවා ටිරාන් අලස්ගෙ මේ සම්බන්ධ ගනුදෙනු ගැන  තවදුරටත් තොරතුරු තියෙනවා. අපිඒ සම්බන්ධ තහවුරු කරගෙන නැවත අනාවරණයක් කරන්න බලපොරොත්තු වෙනවා. 
මේ බදු වංචාව හා විදේශ විනිමය වංචාව ගැන චෝදනා එල්ල වෙන්න‍ෙ ඇමතිවරයකුට.වෙනත් රටකදි නම් ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. අපේ රටේ එහෙම දේශපාලන සංස්කෘතියක් නෑ. මේ වගේ තක්කි පාලනය කරන රටක දේශපලන සංස්කෘතියක් තියෙන්න විදියකුත් නෑ. මේ ආණ්ඩුව කොහොමටත් සුජාතභාවයක් නෑ. මේ මාධ්‍ය සංවිධානයක් විසින් කරුණු සොයා බලලා තමයි අක් වෙරළ සමාගම් සහිත පැනමා, ඩුබායි, ස්ව්ට්සර්න්තය,  කේමන් දිවයින සහ බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් තොරතුරු හෙළිදරව් කළේ යම්කිසි සොයා බැලීමකින් පසුවයි. නමත් අපි මේ ගැන කරුණු දැක්වුවෙ අපට ඒ ගැන මුලින්ම තොරතුරු ලැබුණනිසා සහ යම් කිි තහවුරුවක් තිබුණ තත්වය උඩ. මේ නවිට පුවත්පත්වල පවා කරුු අනාවරණය කරල තියෙන ත.ත්වයක් මත අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් ඉල්ලන්නෙ දැන්වත් මේ ගැන කතා කරන්න, මේ රටේ විනිමය නීති උල්ලංඝනය කරපු, බදු වංචා කරපු, කලු සල්ලි ජාවාරම් කරපු ඇමිතවරයෙක් ඔබ එක්ක පර්ලිමේන්තුවේ ඉන්නවා.මීට කලින් අපි ම් ගැන අනාවරණය කළාම තොරතුරු නෑ කියලා කිව්වෙ දැන් තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. ඒ නිසා දැන්වත් කට අරින්න. මේ අපරධකාරී ජාවාරම ගැන හඬ නගන්න, යුක්තිය ඉටු කරන්න මැදිහත් වෙන්න.
අපි දන් විදියට මේරටේ දේශපාලනයට සම්බන්ධ මේ වගේ ජාවාරම්කාරයන් විවිධ ආකාරයෙන් ගැලවිලා ගිහින් තියනවා. නිහඬව හිටියාත් මේ ජාවාරම්කාරයන් රටේ සියල්ල ජාවාරමට යටකරයි. ඒ නිසා මේ නීති විරෝධී කටයුතු දිහා බලාගෙන ඉන්නෙ නැතිව හඬනගන්න, පාරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Vidhura

Read Previous

ලංකාව දැන් ගාසා තීරය වගේ, මේ ප්‍රහාරයට ‌එරෙහිව ජනතාව එක් විය යුතුයි – පුබුදු ජයගොඩ

Read Next

“ටිරාන් අලස් දැන් උත්තර දිය යුතුයි – දුමින්ද නාගමුව

Leave a Reply

Your email address will not be published.

Most Popular