FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

Estate Plantation Sector Companies agreed to make Rs 700 daily Wages.

Aruna Newspaper reported that Regional Plantation Sector Companies (RPSc) agreed to increase Rs 1000 Wages to plantation workers under several conditions. According to the daily wages system, the report further states that plantation workers will be entitled to a Rs 1025 of daily wage.  

The wages breakdown is as follows;

  • Base wages – Rs 700
  • EPF/ETF – Rs 105
  • Attendance Bonus – Rs 70
  • Productivity Bonus – Rs 75
  • Excess Picking Bonus – Rs 75

         Total Wages – Rs 1025

Since 2014, the Estate Sector Plantation Workers demanded base wages of Rs 1000 but disregarding the previous Collective Agreement, and they were only given Rs 700. In that context, agreeing to increase the base wage to Rs 700 is a no better outcome. What happened is deceiving the Estate Workers by garnishing some bonuses that plantation sector worker generally not entitled, to make the base wage Rs 700. The other factor is the employers’ EPF/ETF payments are an entitlement, adding entitlements as wages cannot be justified. 

Prime Minister Mahinda Rajapaksha promised to increase Estate Sector Plantation Workers’ daily wages to Rs 1000 at 2020/2021 Budget Speach, going back on their promise the Government now says, it is the Estate’s responsibility Plantation Sector Companies. The Estate Workers being deceived from both ends, the Government and the Employer.

වැවිලි සමාගම් වතු කම්කරු වැටුප 700ක් කිරීමට එකඟ වෙයි

කොන්දේසි කිහිපයකට යටත්ව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීමට කලාපීය වැවිලි සමාගම් (RPCs) එකඟතාව පළ කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

ඒ අනුව දෛනික වැටුප් ක්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025ක් ගෙවනු ඇති බව එම පුවත් වාර්තා වේ සඳහන් වේ. ඒ අනුව මූලික වැටුප රුපියල් 700ක් ද EPF/ETF සඳහා රුපියල් 105 ක් ද, පැමිණීමේ දීමනා රුපියල් 70 ක් ද, නිෂ්පාදන දීමනා රුපියල් 75ක් සහ නෙළනු ලබන වැඩිපුර තේ දළු සඳහා දීමනා ලෙස රුපියල් 75ක් ද වශයෙන් දෛනික වැටුප ලබාදීමට එකඟ වී ඇත.

නමුත් 2014 පටන් වතු කම්කරු ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ගේ මූලික වැටුප ලෙස 1000ක් ලබාදෙන ලෙසයි. අවසන් වරට අත්සන් කරන ලද සාමූහික ගිවිසුම මගින්ද එම ඉල්ලීම නොතකා හරිමින් වතු ජනතාවට මූලික වැටුප ලෙස ලබාදෙන ලද්දේ රුපියල් 700ක මුදලකි. ඒ අනුව වතු හාම්පුතුන්ගේ එකඟතාවයේ අමුතු යමක් සිදුවී නැත. සිදුවී ඇත්තේ වතු කම්කරුවන්ට නොලැබෙන දීමනා කිහිපයක් මූලික වැටුපට එල්ලීම හරහා 1000ක් ලබාදෙන බව පවසා ඔවුන් රැවටීමයි. අනෙක් විශේෂ කරුණ මෙහි සඳහන් කර ඇති EPF/ETF දීමනා යනු වතු කම්කරුවන්ට අනිවාර්යයෙන් ලැබිය යුතු අයිතියක් මිස වතු සමාගම්වල කරුණාව මත ලැබෙන දෙයක් නොවේ. එය වැටුප ලෙස ගණන් ගැනීම අසාධාරණයකි.

වතු කම්කරුවන්ගේ දිනක වැටුප 1000ක් කරන බව මහින්ද රාජපක්ෂ විසින් පසුගිය අයවැය කතාවේදී පොරොන්දුවක් ලබාදෙන ලදී. නමුත් දැන් ආණ්ඩුව පවසමින් සිටින්නේ 1000 ලබාදීම සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් එය කළ යුත්තේ වතු සමාගම් බවයි. මෙම දෙපාර්ශවයක සිදුකරමින් සිටින්නේ වතු කම්කරු ජනතාව රැවටීමයි.

වතු කම්කරුවන්ට 1000 දෙන්න පොරොන්දු වුණාට රජයට ඒක දෙන්න බෑ – නිමල් සිරිපාල

වතු කම්කරුවන්ට රුපියල් 1000ක් ලබාදීමට රජය පොරොන්දු වුවත් එය රජයට ලබාදිය නොහැකි බවත් රජය කරන්නේ එය ලබාදෙන ලෙස සමාගම්වලට නියම කිරීම බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ සමාගම් සහ වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුමකට ඇතුළත් වීම සඳහා එකඟතාවය නැති අවස්ථාවකදී වෙනත් විකල්පයක් වෙත යාමට සිදුවන බවයි. නිමල් සිරිපාල ඇමතිවරයා මේ බව කියා සිටියේ වැටුප් වැඩි කිරීම පිළිබඳ වතු වෘත්තීය සමිති නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සහ දේශපාලන අධිකාරිය සමග පසුගියදා පැවති සාකච්ඡාවකදීය.මෙහිදී හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් යෝජනා කර ඇත්තේ වතුසේවකයින් විසින් දෛනිකව අතිරේකව දළු කිලෝ 2ක ප්‍රමාණයක් ලබා දිය යුතු බව සහ සෑම සේවකයෙක්ම වසරකට දින 180ක් අනිවාර්ය සේවයේ යෙදිය යුතු බවයි. මෙම කොන්දේසිවලින් සමහරකට වතු වෘත්තීය සමිති එකඟ වී නොමැති බවද වාර්තා වේ.

Vidhura

Read Previous

Wealthy States Highjacking COVID – Vaccine, revealing the true face of the pandemic!

Read Next

Allow science to fight COVID – 19 Dr Anil Jasinghe

Leave a Reply

Your email address will not be published.

Most Popular